ලංකාවේ දේශීය ණය තොගය රු. ට්‍රිලියන 31යි

ලංකාවේ දේශීය ණය තොගය රු. ට්‍රිලියන 31යි

Published on February 25, 2026, 06:45 AM

එසේම ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 31ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 15.6ක් භාණ්ඩාගාර බිල්පත් (T-bills) ලෙසත් රුපියල් ට්‍රිලියන 15.4ක් භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) ලෙසත් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අණාවරණය විය.

එම කාරක සභාව පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී තවදුරටත් අණාවරණය වූයේ එම සමස්ත ණය සඳහා වන සාමාන්‍ය පිරිවැය (Average Cost) සියයට 8.73ක් ලෙස වාර්තා වන බවයි.

තවද 2026 වසර සඳහා රජයේ සමස්ත විදේශ ණය සේවාකරණ අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් මිලියන 2504ක් ලෙස පුරෝකථනය කර ඇති බව නිරීක්ෂණය වී තිබේ. එම වසර සඳහා අපේක්ෂිත විදේශ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියන 2100ක් වන අතර, එය ව්‍යාපෘති ණය (Projects) ලෙස ඩොලර් මිලියන 858ක්, ලෝක බැංකු අයවැය ආධාර (World Bank Budget Support) ලෙස ඩොලර් මිලියන 150ක්, ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ඩොලර් මිලියන 380ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හරහා ඩොලර් මිලියන 800ක් ලෙස ලැබීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, එම වසරේ ණය පියවීම සඳහා තවදුරටත් ඩොලර් මිලියන 400කට අධික අතිරේක සම්පත් කළමනාකරණය කිරීමේ පරතරයක් (Resource Management Gap) පවතින බව ද නිරීක්ෂණය විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post