අනියම් සැමියාගේ ආයුධ ප්‍රහාරයෙන් බිරිය මරුට, අනියම් සැමියාත් රෝහලේ

අනියම් සැමියාගේ ආයුධ ප්‍රහාරයෙන් බිරිය මරුට, අනියම් සැමියාත් රෝහලේ

Published on January 29, 2026, 08:21 AM

බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර සැකකරු ද ගෙළ කපාගෙන ඇති බවට බිබිල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය අවුරුදු 40 ක් වූ රදලියද්ද, බිබිල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු ද මේ වන විට  පොලිස් ආරක්ෂාව යටතේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෘත ශරීරය බිබිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බිබිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post