සුනාමි ගම්මානයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

සුනාමි ගම්මානයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Published on January 28, 2026, 07:43 AM

අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ ඊයේ (27)රෑ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ,ගලගොඩ ,පදිංචි දිමුතු සම්පත් නමැති තිස් හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි.  වෙඩික්කරු පැමිණ ඇත්තේ පාගමනින් බවත් පොලීසිය කියයි.

වෙඩික්කරු යතුරු පැදියකින් පැමිණ එය මග දමා විත් මේ වෙඩි තැබීම සිදුකොට පලා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවද පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමෙන් මිය ගිය අයගේ මළ සිරුර බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post