ස්ථාන මාරු යන්න සිටි කොස්තාපල් බිමත් රියදුරෙකුට බිලි

ස්ථාන මාරු යන්න සිටි කොස්තාපල් බිමත් රියදුරෙකුට බිලි

Published on January 01, 2026, 11:48 AM

අලුත් අවුරුදු උදාවේ රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙකු, අණ නොතකා ධාවනය වූ බිමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් අද (01) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද අලුයම 2.30 ට පමණ අම්බලන්තොට වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේදී මෙම අනතුර සිදුව ඇත. අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් නතර කිරීමට අණ කළද, එය නොනවත්වා පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඟට කපා ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ ස්ථානයේ මියගිය නිලධාරියාගේ රාජකාරි සටහන් පොත, හිස්වැසුම සහ පාවහන් විසිරී තිබූ අතර, ඔහු වැටී සිටි ස්ථානයේ විශාල ලෙස ලේ පැල්ලම් දක්නට ලැබුණු බව වාර්තා වේ.

මියගිය නිලධාරියා පොලිස් කොස්තාපල් (82615) එම්. සරත් කුමාර මහතා (සූරියවැව, වීරියගම පදිංචි දෙදරු පියෙකි).

ඔහු  ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබ සිටි අතර, ලබන 03 වනදා අම්බලන්තොටින් පිටත්ව යාමට නියමිතව තිබුණි. ඒ වෙනුවෙන් ඔහුට සමුදීමේ උත්සවය ද අද (01) දින පැවැත්වීමට නියමිතව තිබියදී මෙම ඛේදවාචකය සිදුව ඇත.

එමෙන්ම මෙම අවස්ථාවේ මියගිය නිලධාරියා සමඟ  තවත් නිලධාරින් දෙදෙනෙකු රාජකාරියේ යෙදී සිටඇති අතර ඒ අතර සිටි ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු ද රිය අනතුරින් තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත්කර එහි  ප්‍රතිකාර ලබයි.

කෙසේ නමුත් නිලධාරීන් යටකර පලාගිය මෝටර් රථය අම්බලන්තොට රිදියගම මාර්ගයේ  නගරයට ආසන්න ප්‍රදේශයක තිබී සොයාගෙන ඇති අතර  රථයේ ගමන් ගත් වයස අවුරුදු 23ක පමණ රියදුරු ඇතුළු  පුද්ගලයන් දෙදෙනාම මේ වන විට අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය පවසා සිටි.

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී අරුණ ලාල් මහතාගේ උපදෙස් මත අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post