
Published on January 28, 2026, 09:21 AM
අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට අඟුලාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය අවුරුදු 24 ක් වූ කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අඟුලාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.