කොත්මලේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලය ජනතාව වටලයි

කොත්මලේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලය ජනතාව වටලයි

Published on December 29, 2025, 06:48 PM

කොත්මලේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ  අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස  අහිමි වූවන්ට රජය මඟින් ලබා දෙන සහන හා  රුපියල් 25000 ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම පිළිබඳ ගම්වාසින් සමග  කරගස්තලාව  සුගතාරාම විහාරාධිපති කළුගල  කාශ්‍යප හිමි ඇතුළු සංඝරත්නය ප්‍රාදේශීය ලේකම් හමුවීමට (29) දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

ජනාධිපතිතුමා විසින් චක්‍රලේඛ මගින්  ආපදාවට පත් ජනතාවට සහන සලසා දෙන ලෙස ප්‍රකාශ කර සිටියත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඉතාම මන්දගාමී තත්ත්වයක පසුවන බවත් ඒ නිසාවෙන් තමන්ට නිවාස පිරිසිදු කර ගැනීමට රජයෙන් ගෙවනු ලබන  රුපියල් 25000 දීමනාව හෝ නිසියාකාරව සියළු දෙනාට ගෙවා නොමැති බවයි කරගස්තලාව  සුගතාරාම විහාරාධිපති කළුගල  කාශ්‍යප හිමියන් කියා සිටියේ.

නායයැමේ අවධානමට ලක් වි සිටින කොත්මලේ නැගෙනහිර කලාපභාර ග්‍රාම සේවා නිළධාරිවරුන් මාසයකට අධික කාලයක් එම වසම්වලට ගොස් නොමැති බවත්, එහි අවතැන් වුවන් වෙනුවෙන් තම විහාරස්ථානයේ තව දුරටත් කදවුරක් පවත්වාගෙන යන බවයි කරගස්තලාව  සුගතාරාම විහාරාධිපති කළුගල  කාශ්‍යප හිමියන් කියා සිටියේ

ප්‍රාදේශීය ලේකම්වරයා (29) දින කාර්යාලය නොසිටි බැවින් එහි සහකාර ප්‍රාදේශීය ලේකම් තිවංක දසනායක මහතා හා සාකච්ඡාවෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතින් නොදැනුවත් හෝ වරදක් වී ඇත්නම් ඉතා ඉක්මනින් ඒ පිළිබඳ සොයා බලා නිවැරදි කිරීමට කටයුතු සිදු කරන බවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post