වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණි වසර ලෙස 2025 ඉතිහාසයට

වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණි වසර ලෙස 2025 ඉතිහාසයට

Published on December 29, 2025, 04:26 PM

මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරයන් පැමිණි වසර වූ 2018 වසරේ (2 333,796/ විසි තුන් ලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ හය) පැමිණි සංචාරකයන් ප්‍රමාණය ඉක්මවා යමින්  2 333 797 වැනි සංචාරකයා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔහු පිළිගැනීම සදහා ගුවන් තොටුපොළ " සිල්ක් රූට් " මගී පර්යන්තයේ සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ද පැවැත්වීය .

ඒ අනුව මෙම 2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට පත් වීමට නියමිතය .

මෙසේ  පැමිණි සංචාරකයා වූයේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි , එරට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වූ ෆීලික්ස් බෙස්ලින් මහතාය . ඔහු සමග ඔහුගේ බිරිඳ වූ , විශ්‍රාමික පාසැල් ගුරුවරියක වූ රීනා ෆර්ඩිනැන්ඩස්  මහත්මිය සහ ඔවුන්ගේ අවිවාහක දියනිය වූ , වෛද්‍ය ඈන් ක්‍රිස්ටිනා  මෙනවිය ද පැමිණ සිටියාය .

ඔවුන් 12/29 දින උදෑසන 11.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 162 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post