කොරියානු රැකියා වංචාවේ යෙදුණු කාර්යාංශ නිලධාරිනිය අල්ලයි

කොරියානු රැකියා වංචාවේ යෙදුණු කාර්යාංශ නිලධාරිනිය අල්ලයි

Published on November 27, 2025, 08:19 PM

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමග එක්ව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු රැකියා අංශයේ නිලධාරිනියක ඊයේ දින (11/27) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව කාර්යාංශය සදහන් කරයි.

මෙම කාන්තාව 2024 වර්ෂයේ මාර්තු මාසයේදී අදාළ සම්බන්ධීකරණ  ලේකම්වරයා සමඟ එක්ව ගාල්ල ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්‍ෂ දහය බැගින් මුදල් ලබාගෙන,කොරියාවේ  රැකියා ලබාදෙන බව පවසා ගිවිසුම් ද අත්සන් කර ඇත. නමුත් පොරොන්දු වු පරිදි රැකියා ලබා නොදිම හේතුවෙන් වංචාවට හසුවු පුද්ගලයන් විසින් කාර්යාංශයට පැමිණිලි කර තිබේ. එම පැමිනිලි වලට අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.

මෙම නිලධාරිනිය හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සඳහා සහාය ලබා දී ඇති අයෙකු වන අතර යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරියකද වේ. එම දැන හැඳුනුම්කම් මත ඇයට කාර්යාංශයේ රැකියාවක්ද හිටපු අමාත්‍යවරයා විසින් ලබාදී ඇති අතර ඉන් අනතුරුව ද මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ. ඇයට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙනු ඇතැයි විමර්ශන අංශ විශ්වාසය පළකරන අතර මෙම වංචාවට හසුවු අය වෙතොත් කාර්යාංශයට පැමිණිලි කරන ලෙසද දැනුම් දෙයි.

අත්අඩංගුවට ගත් නිලධාරිනිය අද දින (11/27) ගාල්ල උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදෙස් රැකියා වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ පසු තරාතිරම නොබලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.එසේම මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස රැකියාලාභීන්ගේ ඉල්ලා සිටින අතර මෙවැනි වංචාකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත දැනුම් දෙන ලෙසද සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි. ඊශ්‍රායල්, ජපානයේ හෝ කොරියාවේ රැකියා අවස්ථා සදහා කිසිදු භාහිර පාර්ශ්වයකට මැදිහත් විය නොහැකි බවත්, නමුත් රැකියා ලබාදිමට හැකිබව පවසා මුදල් ඉල්ලා සිටින්නේ නම් එය වංචාවක් බවත් කාර්යාංශය සදහන් කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post