ඊශ්‍රායල් අවන්හල් රැකියා සඳහා පිටත්කිරීම් කඩිනමින්

ඊශ්‍රායල් අවන්හල් රැකියා සඳහා පිටත්කිරීම් කඩිනමින්

Published on November 27, 2025, 09:32 PM

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති  කරගත්  අවබෝධතා  ගිවිසුම  අනුව  මෙම  වර්ෂය  තුළදී  ශ්‍රි ලාංකිකයින් 932 කු සඳහා ඊශ්‍රායලයේ අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වී තිබේ.

ඊයේ දින (11/26) ඊශ‍්‍රායලයේ අවන්හල් රැකියා සඳහා පිටත්ව ගිය රැකියාලාභීන් 34 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින කාර්යාංශයේදී සිදුවිය.

මේ අතර එළැඹෙන දෙසැම්බර් මාසයේ මුල් සතිය තුළදී ඊශ්‍රායලයේ අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින රැකියා ලාභීන් 86 දෙනෙකු වෙත අවසන් දැනුවත් කිරීමේ වැඩසටහනද ඊයේ දින කාර්යාංශයේදී පැවැත්විය. එසේම එම රැකියා ලාභීන්ද ඇතුළුව ඊශ්‍රායලයේ අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභීන් 129 දෙනෙකු ඉදිරි මාසය තුලදී ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශය පියවර ගෙන ඇත.

එසේම ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 55 දෙනෙකුද මෙම වර්ෂය තුළදී ඊශ්‍රායලය වෙත පිටත්ව ගොස් තිබේ.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post