මුදල් වැය කිරීමේ චක්‍රලේඛා බාධා ඉවත් කිරීමට නව චක්‍රලේඛයක්

මුදල් වැය කිරීමේ චක්‍රලේඛා බාධා ඉවත් කිරීමට නව චක්‍රලේඛයක්

Published on November 28, 2025, 12:57 PM

ජනපතිවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා නිකුත් කර තිබූ සටහන

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වීමි.

ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක) මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක් කර නොගෙන ජනතාව මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත් මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දුන් මම ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් දැනුම් දුන්නෙමි.

එමෙන්ම, මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ ලේකම්වරයාට උපදෙස් දුන් අතර අවතැන් වු ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටද උපදෙස් දුන්නෙමි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post