
Published on November 27, 2025, 04:40 PM
පස්සර කහටරුප දෙහිලන්ද කොටසේ නිවසක් අද 27 පස්වරුවේ නායයාමකින් පස්දෙනකු අතුරුදන් බවට පස්සර පොලිසියට තොරතුරක් ලැබී තිබේ.
ඉදි කරමින් පවතින නිවසක් මෙසේ නාය ගස් ඇති බවත් නිවස ඉදිකරමින් සිටි පස්දෙනෙකු මෙලෙස අතුරුදන් වී ඇති බවත් පොලිසිය පැවසීය. අතුරුදන් වූවන් සොයා පොලිසිය ආපදා සහන සේවා අංශවල දායකත්වය ඇතිව මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ