සජබ මන්ත්‍රී මුහම්මදු ඉස්මායිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙයි

සජබ මන්ත්‍රී මුහම්මදු ඉස්මායිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙයි

Published on November 28, 2025, 11:47 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බව අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාර දී ඇත.

මේ අනුව අද දින සිට බල පැවැත්වෙන පරිදි මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් දස වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත. මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරයෙක් ලෙස 2024 දෙසැම්බර් මස 17 දින දසවැනි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම සිදු කරන ලද අතර ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයයෙක් ලෙස දස වැනි පාර්ලිමේන්තුවට පත් විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post