කොත්මලේ පාලුවත්ත ප්‍ර දේශයේ නාය යෑමේ දැඩි අවධානමක්

කොත්මලේ පාලුවත්ත ප්‍ර දේශයේ නාය යෑමේ දැඩි අවධානමක්

Published on November 30, 2025, 02:25 PM

තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම් වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.

ෙපසුගිය දිනවල කොත්මලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම මාර්ගය නාය ගිය බවත්, එම නාය ගිය ස්ථානයට නොදුරින් පිහිටි රම්බොඩගම නායයෑමට ලක් වූ බවයි කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

පාලුවත්ත ප්‍ර දේශයේ පවුල් 100කට අධික ජනතාවක් නාය යෑමේ අවධානමකට ලක් වී ඇති බවත්, දැනටමත් තම නිවාසවල බිත්ති පුපුරා ඉඩම් ඉරි තලා ඇති බවයි එම ජනතාව කියා සිටින්නේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post