රඹුකේඇල නාය යෑමෙන් යට වූ 43 දෙනාගෙන් මෘත ශරීර අටක් හමු වෙයි

රඹුකේඇල නාය යෑමෙන් යට වූ 43 දෙනාගෙන් මෘත ශරීර අටක් හමු වෙයි

Published on November 30, 2025, 04:00 PM

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති විශාල නායයෑමක් හේතුවෙන්  පවුල් 15 ක පමණ පුද්ගලයින් 43 දෙනෙකු අතුරුදහන්ව  ඇති අතර ශ්‍රී ලංකා  යුද හමුදාව, පොලීසිය  සහ ප්‍රදේශවාසින් එක්ව සිදු කළ  මෙහෙයුමකින් පසුව ඊයේ 29 වනදා සවස් වන විට මෘත ශරීර අටක් සොයා ගැනීමට හැකි විය.

මධ්‍යම කඳුකරය ප්‍රදේශයට ඇද  හැළෙන අධික වර්ෂාවත් සමඟ ඊයේ 29  අළුයම් කාලයේදී මෙම අති විශාල නාය යෑම සිදුව ඇති අතර  එය පාමුල පිහිටි නිවාස මෙලෙස පස් කන්දට යට වී තිබේ.

සිද්ධිය සැල වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, අලවතුගොඩ පොලීසිය , එක්ව ක්‍රියාත්මක වී ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත් වීම මත පස් කන්දට යටව ඇති පිරිස් සොයා  විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම මගින් ඊයේ 29 වනදා සවස වන විට මෘත ශරීර අටක් සොයා ගැනීමට හැකියාව ලැබිණ. ප පවතින අයහපත් කාල ගුණ තත්වය සහ රාත්‍රිය ලංවීමත් සමඟ  ඊයේ දිනයේ මෙහෙයුම් නැවැත්වූ අතර යළි අද උදයේ  පස් කන්දට යටව ඇති පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කර තිබේ.

මෙම ප්‍රදේශය නාය යෑමේ දැඩි අවදාවම් සහිත ප්‍රදේශයක් බවත් වරින් වර ඉවත්  වීමේ නිවේදන නිකුත් කර ඇති බවත් නිලධාරින් සඳහන් කරති. මෙලෙස  පස් කන්දට යටවූ පිරිස් අතර එකම පවුලේ 15 දෙනෙකු පමණ සිටින බවත් ඔවුහු කියති .ඇතැම් පිරිස් තමා පදිංචි නිවස අවදානම් හේතුවෙන් ඥාති නිවෙසකට පැමිණි අවස්ථාවේ මෙම අපදාවට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසිහු කියති.

මෙම ආපදාවට ලක් වූ ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ගිය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා සඳහන් කළේ   අනපේක්ෂිත අයුරින් මෙම  ආපදාව සිදුව ඇති බවත් මෙනිසා  පස් කඳුවලට පුද්ගලයින් 43 දෙනෙකු යටව ඇති බවත් ඔවුන් සොයා විශේෂ මෙහෙයුම්  ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා කීය.

මොහොමඩ් ආශික්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post