මැණික් ගඟ දෙපස ගංවතුර තවදුරටත් ඉහළට

මැණික් ගඟ දෙපස ගංවතුර තවදුරටත් ඉහළට

Published on November 28, 2025, 11:01 AM

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මැණික් ගඟ ද්‍රෝණයේ පිහිටි තිස්සමහාරාම, කතරගම හා බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ඇති වී තිබෙන විශාල ගංවතුර තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (27) රාත්‍රී 10ට රතු නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ දැඩි සැළකිල්ලකින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ එම ප්‍රදේශය  හරහා ගමන් ගන්නා රියදුරන්ට කටයුතු කරන ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියේ   මැණික් ගඟ ආශ්‍රිතව සියලු ක්‍රියාකාරකම් වලින් වැලකී සිටින ලෙසත්, එම ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් ය.

බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post