නුවරඑළිය ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම නැවැත්වීමෙන් කෝටි පහක් වතුරේ

නුවරඑළිය ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම නැවැත්වීමෙන් කෝටි පහක් වතුරේ

Published on September 28, 2025, 01:25 PM

නුවරඑළිය ප්‍රදේශයේ මිටර් 1,895ක උසින් යුතු ක්‍රිඩා අමාත්‍යංශයට අයත්  හෙක්ටයාර් 34.5ක ඉඩමක  ඉදිකිරිමට සැලසුම්කොට තිබු  ක්‍රිඩා සංකිරණයක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය  නවතා දැමිම හේතුවෙන් මෙකි ව්‍යාපෘතිය සදහා  ණය සැලසුම් ගාස්තු ලෙස ගෙවා තිබු රුපියල් පන්කෝටි, දසලක්ෂ,හතලිස්හත්දහස් විසිඑකක මුදල (51,047,021)  නිෂ්කාර්ය වියදමක් බවට පත්ව  ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

2021 වර්ෂයේ දි මෙකි ව්‍යාපෘතිය නවතාදමා තිබු අතර  මේ හේ කොනතුවෙන් 2023 වර්ෂයේ දි  කොන්ත්‍රාත්කරු විසින්  යුරෝ  දෙකෝටි,තිස්ලක්ෂ,විසිහයදහස්,හාරසියදාහතයි ශත හැත්තැහයක (23,026,417.76)   වන්දි මුදලක් ඉල්ලා තිබුණි. ව්‍යාපෘතිය නවතා දැමිම නිසා මෙකි ව්‍යාපෘතියේ උපදේශන ආයතනය වන  මොරටුව  විශ්වවිද්‍යාලය විසින් තිස්හත්කෝටි,අසුලක්ෂ,හැටහත්දහසක  (378,067,000)  වන්දි මුදලක් ද ඉල්ලුම්කොට තිබුණි.

ක්‍රිඩා අමාත්‍යංශය විසින් ඒ සදහා  නිතිපති උපදෙස් විමසා තිබුණද  2024 වර්ෂය අවසන්වනවිටද  නිතිමය කටයුතු විසදි නොතිබුණි. එමෙන්ම මෙකි ව්‍යාපෘතිය අවලංගු කිරිම සදහා  කොන්ත්‍රාත් සහ උපදේශන ආයතන විසින්  ඉදිරිපත් කළ හිමිකම් පෑම අධ්‍යනය සදහා  විශේෂඥ උපදේශනයට ඉකුත් වර්ෂය තුලදි රුපියල්තිස්හයලක්ෂ,හතලිස්අටදහසක මුදලක් (3,648,000)  මුදලක් ගෙවා තිබුණි.

ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් මුහුදු මට්ටමේ සිට මීටර් 1,500 - 3,500 උසින් ඉදිකළයුතු වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මීටර 1,895ක උසින් යුත් හඳුනාගත් භූමියක මෙම පුහුණු ක්‍රිඩා සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම්කොට තිබුණි. ඉහළ උන්නතාංශ පුහුණුව ක්‍රීඩකයන්ගේ පෙනහළු ධාරිතාව ඉහළ නැංවීමට හේතු වන අතර, එය ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ ශක්තිය හා ශාරීරික ශක්තිය ඉහළ නැංවීමට හේතු වේ. එමඟින් ජාත්‍යන්තර තලයේදී සාර්ථකව දස්කම් දක්වමින් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකියාව වර්ධනය වන බව හඳුනාගෙන  ඇත.

අරමුදල්වලින් අපනයන ණය පහසුකමක් යටතේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය අරමුදල් සැපයීමට එකඟ වී තිබුණි. තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට  ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති  විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post