මවගෙන් වෙන් කෙරුණු වන අලි පැටවා උඩවලවට රැගෙන යයි

මවගෙන් වෙන් කෙරුණු වන අලි පැටවා උඩවලවට රැගෙන යයි

Published on September 01, 2025, 11:01 AM

ඉදිරි පාදයේ අබාදයකට ලක්ව අවස්ථා ගණනාවකදී  කලාවැව ජාතික වන උද්‍යානයේදී ප්‍රතිකාර සිදුකරමින් සිටි වන අලි පැටවෙකු එම පැටවාගේ ආරක්ෂාව වෙනුවෙන් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යාමට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය පියවර ගත්තේය.

පැය 6ක මෙහෙයුමකින් පසුව වන අලි රංචුව සමග සිටි මෙම වන අලි පැටවා සහ මව වනජීවී නිලධාරීන් විසින් වෙන්කර ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු විය.එම අවස්ථා වල වන ජීවී නිලධාරීන් හට වන අලි පහරදිමටද සැරසුණු අවස්ථා දැක ගැනීමට හැකි විය.

මුලිකව වන අලි පැටවාගේ මව නිර්වින්දනය  කොට පසුව පැටවාද නිර්වින්දනය  කොට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ සහ උදේශිකා මධුවන්ති මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වන අලි පැටවා ආරක්ෂිතව එම භූමියෙන් පිටතට රැගෙන විත් මුලික ප්‍රතිකාර සිදුකොට උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන යාමට පියවර ගැනිණ .

මෙම වන අලි පැටවාගේ රෝගී තත්වයන් හා ආරක්ෂාව වෙනුවෙන් මවු ඇතින්නගෙන් වෙන් කිරීමට පියවර ගැනීමට සිදු වුන බව පණ්ඩුලගම වනජීවී ඒකකයේ  පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post