ව්‍යාජ වාහන අංක තහඩු, ජීව පතරොම් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ වාහන අංක තහඩු, ජීව පතරොම් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Published on September 29, 2025, 07:57 AM

කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400 ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස්කල වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 24 ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොටඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post