පින්නවල නිවුන් අලි පැටව් සිව්වැනි ‍ උපන්දිනය සමරයි

පින්නවල නිවුන් අලි පැටව් සිව්වැනි ‍ උපන්දිනය සමරයි

Published on August 31, 2025, 02:56 PM

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ නිවුන් අලි පැටවුන් දෙදෙනා සිය හතරවන උපන් දිනය අද (31) සමරනු ලැබීය.

2021 වසරේ අගෝස්තු මස 31 දින පින්නවල අලි අනාථාගාරයේ  පණ්ඩුල අලියාට දාව  සුරංගි නැමති කෙනර විසින් මෙම නිවුන්  අලි පැටවුන්  බිහි කරන ලදි.

මෙම අලි පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් වන අතර, ඔවුන්ට “දිසා” සහ “සජ්ජන” ලෙස නම් තබා තිබේ.

මෙය ශ්‍රී ලාංකේය  ඉතිහාසයේ පළමු අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත ලෙස ඉතිහාස ගතව ඇති අතර, වසර හතරක් වන මෙම අලි පැටවුන් දෙදෙනා මේ වනවිට ඉතාමත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ලෙස කෙළිදෙළෙන් පසු වමින් සිටින බව පින්නවල අලි අනාථාගාරය සඳහන් කරයි.

ශාන් හුලංනුගේ

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post