
Published on August 31, 2025, 06:49 PM
පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අද 31 පස්වරුවේ තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය.
පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක මළ සිරුරු දෙක ක් තිබෙන බවට දහනමය අනුව ගිලන් රථ සේවාව මගින් ලැබුණු තොරතුරකට අනුව ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුරු දෙක හමුවූ බව පොලිසිය පැවසීය.
එකම නිවසක තිබී මළ සිරුරු දෙකක් හමුවීම පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වයි.