
Published on August 29, 2025, 01:07 PM
2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අත්අඩංගුවට ගෙන තිබේ.
කොච්චිකඩේ පොලීසියට භාර වීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.