පොඩි මැණිකේ දුම්රිය කාර්මිකයා පොඩි මැණිකේටම යටවී ජීවිතක්ෂයට

පොඩි මැණිකේ දුම්රිය කාර්මිකයා පොඩි මැණිකේටම යටවී ජීවිතක්ෂයට

Published on August 28, 2025, 06:12 PM

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රියෙ ගමන් ගත් කාර්මික නිළධාරියකු  අද  (28) පස්වරුවේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසල දී දුම්රියේන් ඇද වැටී එම දුම්රියටම යටවීමෙන් මිය ගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

සබරගමුව  පලාත් සභාවේ විධායක ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කල මහනුවර පිළිමතලාව අරබේගම පදිංචි  ආර් එම් පී.එන් වීරසිංහ (52) නැමති අයෙකු මෙසේ මිය ගිය බව ද පොලිසිය කීය .

දුම්රියට යටවීමෙන් ඔහුගේ පාද දෙකම වෙන්වී සිරුරට බරපතළ ලෙස තුවාල සිදුව තිබු බවත් පොලිසිය සදහන් කලේය .

මොහු කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රියෙන් පැමින දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ දුම්රිය නැවත්වීමට පෙර දුම්රියෙන් බැසීමට  යාමෙදී  මෙසේ දුම්රියේන් ඇද වැටී ධාවනය වූ එම දුම්රියටම යටවී ඇතයි පොලිසිය පැවසිය .

දුම්රිය යට දුම්රිය මාර්ගයේ තිබු මොහුගේ සිරුර සුවසැරිය ගිලන් රථයක දමා ගෙන බණ්ඩාරවෙල රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසයි .

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 111 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .

ඇල්ල ප්‍රසාද් රුක්මල්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post