දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් නිසි ප්‍රතිකාර ගන්නේ නෑ

දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් නිසි ප්‍රතිකාර ගන්නේ නෑ

Published on August 27, 2025, 09:35 PM

දියවැඩියාවට ගොදුරුවූවන්ගෙන් 80%ක් පමණ නිසි අවබෝධයකින් ප්‍රතිකාර නොගන්නා බවට පවතින සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

එසේම දියවැඩියා රෝගීන්ගෙන් 20% -21% ක් පමණක් පාලනය කරගත හැකි මට්ටමේ ප්‍රතිකාර ලබා ගන්නා බවද ඔහු පැවසීය.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයගේ සංඛ්‍යා ලේඛන ද මීට සමාන බවය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදීත් ජනගහනය 10000 කට, ග්‍රාම නිලධාරී වසම් 4-5 කට, ජනතාවට කිලෝමීටර් 03 කට වඩා අඩු දුරක දී ළඟාවිය හැකි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ආරෝග්‍යා නමින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට මූලික අවධානය යොමු කර ඇත.

වැඩිහිටි ජනගහනය ඉහළ යාමත්, තවත් වසර කිහිපයකින් මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වීමත් වත්මනෙහි රට මුහුණ දෙන අභියෝගයක් බන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post