නව අස්ගිරි අනුනායක හිමි තෝරා ගැනීමට සංඝ සභාව අද රැස්වෙයි

නව අස්ගිරි අනුනායක හිමි තෝරා ගැනීමට සංඝ සභාව අද රැස්වෙයි

Published on August 28, 2025, 07:29 AM

අස්ගිරි මහා විහාර පාර්ශ්වයට නව අනුනායක හිමිනමක තෝරා ගැනීම සඳහා එම පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ මහා කාරක සංඝ සභාව අද (28) රැස්වීමට නියමිතය.

මේ අනුව අනුනායක පදවිය සඳහා අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් දෙනමක් වන එම පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය හොබවන පූජ්‍ය නාරම්පානාවේ ආනන්ද හිමියන් සහ මහියංගන රජමහා විහාරයේ විහාරාධිපතිත්වය දරන පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත යන හිමිවරුන් ඉදිරිපත් වන බව කාරක මහා සංඝ සභාවට දැනුම් දී තිබේ.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවිි දෙකක් තිබෙන අතර එක් පදවියක් දැනට දරනු ලබන්නේ පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් වන අතර අනෙක් අනුනායක පදවිය හෙබවූ පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් අපවත් වීම හේතුවෙන් එක් පදවියක් හිස් විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post