ජනපති පත්වී ලබන මාසයට අවුරුද්දයි, ආර්ථිකය ස්ථාවරයි

ජනපති පත්වී ලබන මාසයට අවුරුද්දයි, ආර්ථිකය ස්ථාවරයි

Published on August 27, 2025, 10:28 PM

අනුර කුමාර දිසානායක මහතා  ජනාධිපති ධුරයට පත්ව අවුරුද්දකට ආසන්න වන විට මෙරට පැහැදිලිවම ආර්ථිකය ශක්තිමත්ව සහ ස්ථාවරව ඉදිරියට යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද (27දා) මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජීවින වියදම වැඩි වී නොමැති බවත්, එලෙස ජීවන වියදම වැඩි වූ බවට වන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්නය –ලබන සැප්තැම්බර් 21 වැනිදාට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ධුරයට පත්වෙලා අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. 5න් එකක කාලයක් ඉවරයි. මේ අවස්ථාවේදී සඳහන් කරන්න පුළුවන්ද අපේ ආර්ථිකය සංවර්ධනය වෙලාද, ඩොලරයේ අගය අඩුවෙලාද, ජීවන වියදම අඩු වෙලාද කියලා නිශ්චිත තොරතුරක් ලබා දෙන්න පුළුවන්ද?

පිළිතුර –ඉතාම පැහැදිලිව ආර්ථිකය බොහොම ශක්තිමත්ව , ස්ථාවරව ඉදිරියට යනවා. විදේශ ප්‍රේෂණ වැඩිවෙලා තිබෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රතිශතාත්මකව වැඩිවෙලා තිබෙනවා. මේ අවුරුද්දේ විතරක් පළවෙනි මාස 06 ඇතුලත ඩොලර් බිලියන 3.7ක විදේශ ප්‍රේෂණ ලංකාවට ලැබුණා. සංචාරක කර්මාන්තය දිනෙන් දින වර්ධනය වෙනවා. සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා තිබෙනවා. එයින් ලැබෙන ආදායම වැඩිවෙලා තිබෙනවා.

පසුගිය මාස 06 වෙනකොට ඩොලර් බිලියන 1.7ක් සංචාරක ක්ෂේත්‍රයෙන් අපි හොයලා තියෙනවා. ඒ වගේම අපේ අපනයන අදායම වැඩි වුණා මාස 06ට. මේ වන විට බිලියන 10ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. අපේ විදේශ සංචිත ස්ථාවර මට්ටමක තියෙනවා. ඩොලර් එක රු.295 -රු.300 මට්ටමේ ස්ථාවරව පවතිනවා. උද්දමනයක් නැහැ. ඒ නිසා අපේ රටේ මේ වන විට හොඳ යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ ආයෝජන වැඩිවෙලා තිබෙනවා. ඩොලර් මිලියන 500 ඉක්මවපු විදේශ ආයෝජන මේ ගෙවුණු කෙටි කාලය තුළ ලැබිලා තියෙනවා. ඒ නිසා ආර්ථිකය සුබවාදී ගමණක් යනවා, ශක්තිමත් ස්ථාවර තත්ත්වයක් තිබෙන්නේ.

ප්‍රශ්නය –ජීවන වියදම වැඩිවෙලා තිබෙනවා?

පිළිතුර –ජීවන වියදම වැඩිවෙලා නෑ. ඒක සම්පූර්ණ වැරදියි. ඉස්සර බිත්තරේ රු.65යි. දැන් කීයද? ඉස්සර පාන් රාත්තල කීයද? දැන් අඩුවෙලා තියෙන්නේ. හැමදෙයක්ම බඩු මිල අඩු වුණා. ඇත්ත කතාව ගත්තොත්. සමහර භාණ්ඩ වල මිල විටින් විට පොඩ්ඩක් වැඩි වෙනවා. නැවත අඩු වෙනවා. භාණ්ඩ හා සේවා වල මිල වැඩි වීමනේ උද්ධමනය කියන්නේ. උද්ධමනය 0.3කට එනවා කියන්නේ භාණ්ඩ හා සේවා මිල වේගයෙන් වැඩිවෙන්නේ නෑ.

ප්‍රශ්නය –ඉලක්කම් ටික හරියට කිව්වා නේද?

පිළිතුර –ඔව් මහබැංකු වාර්තාවෙත් තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය ගත්තොත් මාස 07 ට බිලියන 2ත් ඉක්මවලා තියෙන්නේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post