ජනපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ගැසට් කරයි

ජනපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ගැසට් කරයි

Published on August 01, 2025, 07:29 AM

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වන ‘ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) ’ නැමැති පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය ඊයේ (31දා) නිකුත් කර තිබේ.

ඒ අනුව,

(අ) ඉවත් කරන ලද පනතේ 2වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව,

(ආ) ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර  හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සහ,

(ඇ) ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප,

මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට ප්‍රකාශ කරන බව මෙම පනත් කෙටුම්පතේ දක්වා ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post