දිනක් තුළ වරෙන්තුකරුවන් 356ක් දැලේ

Published on July 31, 2025, 09:25 PM

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත‍්‍රිවිධ හමුදාව විසින් පෙරේදා(30දා) දිනයේදි සිදුකළ සොදිසි මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 356 ක්  අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව අදාළ කාලය තුළදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අදාළව සැකකරුවන්  788ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට පත්ව ඇත.පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 7079ක ප‍්‍රමාණයක් මෙම මෙහෙයුම සඳහ සහභාගී වූ බවද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එහිදී පුද්ගලයන් 24,705ක ප‍්‍රමාණයක් හා  වාහන 10,510 යතුරු පැදි 7,238ක ප‍්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇත.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී  අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 32 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

එකී මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 04ක් ද අත්අඩංගුවට ගෙන ඇත.  මෙම මෙහෙයුමේදි  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග‍්‍රෑම් 105ක ප‍්‍රමාණයක්ද හෙරොයින් ග‍්‍රෑම් 125ක ප‍්‍රමාණයක්ද  අත්අඩංගුවට ගෙන තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post