ඇමෙරිකානු බද්ද සියයට 20ක් දක්වා අඩු කර ගැනීමට ලංකාව සමත්වෙයි

ඇමෙරිකානු බද්ද සියයට 20ක් දක්වා අඩු කර ගැනීමට ලංකාව සමත්වෙයි

Published on August 01, 2025, 08:04 AM

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 20ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නව බදු අනුපාත අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. අප්‍රේල් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාවට 44% ක තීරුබදු ප්‍රමාණයක් පනවන බවයි.

කෙසේ වෙතත් එය මුලින්ම සියයට 30ක් දක්වා අඩු කර ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකාවේ සාර්ථක සාකච්ඡාවල ප්‍රතිශතයක් වශයෙන් එම අගය තවදුරටත් 20% දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබේ.

මේ අනුව ඇමෙරිකාව මුලින් ප්‍රකාශ කළ බදු ප්‍රතිශතයන් හා අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව බදු ප්‍රතිශතයන් සලකා බැලීමේදී වැඩිම බදු ප්‍රතිශතයක් අඩුකර ගත් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවෙයි.

ඉන්දියාවට සියයට 25ක බදු ප්‍රතිශතයක් පැනවීමටද ඇමෙරිකාව කටයුතු කර තිබේ.

රටවල් කිහිපයකට පනවා ඇති නව බදු ප්‍රතිශත පහතින්

දකුණු කොරියාව 15%යුරෝපා සංගමය 15%එක්සත් රාජධානිය 10%ඉන්දියාව 25%ජපානය 15%ඉන්දුනීසියාව 19%වියට්නාමය 20%චීනය 30%පිලිපීනය 19%ලෙසතෝ 15%තායිවානය 20%තායිලන්තය 19%කැනඩා 35%සිරියා 41%ලාඕසය හා මියන්මාරය 40%ස්විට්සර්ලන්තය 39%ඉරාකය හා සර්බියාව 35%

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post