ඒකාබද්ධ මෙහෙයුමකින් රු ලක්ෂ 216ක කේරළ ගංජා අල්ලයි

ඒකාබද්ධ මෙහෙයුමකින් රු ලක්ෂ 216ක කේරළ ගංජා අල්ලයි

Published on July 31, 2025, 08:41 PM

යුද හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද ( 31දා) වන දින අලුයම, නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව   මෙහෙයුමක් සිදුකර තිබේ.

මේ අනුව  යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන විත් තිබු  රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 108ක ප්‍රමාණයක් ( පාර්සල් 54), අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු  මරදන්කේණි පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post