සිම්බාබ්වේට ලකුණු 299ක ඉලක්කයක්

සිම්බාබ්වේට ලකුණු 299ක ඉලක්කයක්

Published on August 29, 2025, 05:20 PM

ජනිත් ලියනගේ 70* (පන්දු 47) හා කමිඳු මෙන්ඩිස්  57 (පන්දු 36) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77කදී ගොඩ නැගූ ලකුණු 137ක වේගවත් සබඳතාවත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක දැවැන්ත ඉල්කයක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ‍්ඩායම පන්දුවාර 50කදී ලකුණු 298ක් රැස් කිරීමට සමත්විය. අරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක 76 (පන්දු92) සමග ශ්‍රි ලංකා ඉනිම ආරම්භ කිරීමට නිශාන් මධුෂ්ක ආරම්භ කළත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 9දී නිශාන් ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් 38 (පන්දු 63) සමග එක්වූ පැතුම් දෙවැනි කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක් පත්වමින් ශ්‍ර‍ී ලංකා ඉනිම ලකුණු 109ක් දක්වා රැගෙන ආවේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ශ්‍රි ලංකා මැදපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා ඉනිම ක්‍රමයෙන් ගොඩ නැංවීය. සිම්බාබ්වේ වෙනුවෙන් රිචඩ් න්ගරාවා කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය

සදීර සමරවික්‍රම 35 (පන්දු 40)

චරිත් අසලංක 6 (පන්දු 9)

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post