විෂ මත්ද්‍රව්‍ය ජාලයන් ආරක්ෂා කිරීමට රජය කිසිම දේශපාලන මැදිහත්වීමක් කරන්නේ නෑ

විෂ මත්ද්‍රව්‍ය ජාලයන් ආරක්ෂා කිරීමට රජය කිසිම දේශපාලන මැදිහත්වීමක් කරන්නේ නෑ

Published on July 30, 2025, 11:11 AM

විෂ මත්ද්‍රව්‍ය  ප්‍රචලිත කිරීමට හෝ එම ජාලයන් ආරක්ෂා කිරීමට වත්මන් රජය යටතේ කිසිදු දේශපාල මැදිහත්වීමක් සිදු නොවන බැවින් මෙරටින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නොබියව එක්වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා විශේෂ කමිටු පිහිටුවීමේ දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩ සටහනට එක්වෙමින්ය.එම මත්ද්‍රව්‍ය නිවාරණ දීප ව්‍යාප්ත විශේෂ කමිටු පිහිටුවීම පෙරේදා (29දා) දින අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර එය උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදුවිය.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම ප්‍රථමයෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ආරම්භ කිරීම සඳහා මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සදහා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම තවත් අදියරක් ලෙස නගර සහ ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට විශේෂ කමිටු පිහිටුවීමට නියමිතය.

මෙහිදී මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා පොලිසියට පමණක් නොව පුරවැසියන් ලෙස රටේ සියලුම ජනතාවට වගකීමක් පවතින බවත් ඒ සඳහා දෙමව්පියන්, ගුරුවරුන් , මහජන ආරක්ෂක කමිටුව , විවිධ තරුණ සංගම් , ග්‍රාමීය සංගම් හා පොලිසිය සම්බන්ධ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ කමිටු පිහිටුවීමට කටයුතු කරන බවත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා  අදහස් දක්වමින් කියා සිටියේ විෂ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය වර්තමානය වන විටත් පාලනය කිරීමට හැකි තත්ත්වයක පවතින බවය, එම නිසා ඒ සඳහා කමිටු පිහිටුවා අදාල අංශ කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න ,  උතුරු මැද පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , පළාත් නියෝජ්‍ය පොලිස්පති හා ජේෂ්ඨ සහකාර පොලිස්පති ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්ද එක්ව සිටියහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post