ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

Published on July 29, 2025, 06:28 PM

විදේශයව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බොරු පැමිණීල්ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික අතුරලිය මහතා අද (29) නියම කළේය.

රෝගී තත්ත්වයක් මත රාගම පෞද්ගලික රෝහලකට ඇතුල්වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම පෞද්ගලික රෝහලට පැමිණ සැකකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

විදේශ ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණී.

ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වත්තල වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම පෞද්ගලික රෝහලට පැමිණ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුව අගෝසතු 06 වැනිදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post