අල්ලස් ගත් ඔක්කම්පිටිය ස්ථානාධිපති රිමාන්ඩ්

අල්ලස් ගත් ඔක්කම්පිටිය ස්ථානාධිපති රිමාන්ඩ්

Published on July 30, 2025, 06:02 PM

ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් අල්ලසක් ලෙස (29) වෙනිදා ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර් සුමුදු ප්‍රසන්න මහතා (30) වෙනිදා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා විසින් අගෝස්තු මස (04) වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතීඥ බන්දුසේන තෙන්නකෝන් මහතා සැකකරු අල්ලස් ඉල්ලන බවට පැමිණිල්ලක් කර නොමැති බවත් මුදල් ලබාදුන්නා යැයි පවසන පුද්ගලයා කිසිදු ලියවිල්ලකට අත්සන් නොකර ඇති බවත් සඳහන් කළ අතර පොලිස් ස්ථානාධිපතිවරයා තම නිවස ඉඳිකිරීමට වැලි ඉල්ලා ඒ සඳහා මුදල් ලබාදී ඇති බවත් වැලි ප්‍රමිතියෙන් තොරවීම නිසා අදාල මුදල ඉල්ලා එම මුදල ලබා ගැනීමට යාමේදී සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.

ව්‍යාපාරිකයෙකුගෙන් ඔහු ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වාගෙන යාම,වැලි කැණීම් කරන ස්ථානයේ සිට ගබඩාවට ට්‍රැක්ටර් මඟින් වැලි ප්‍රවාහනය කරන අවස්ථා වලදී නීතිමය කටයුතු නොකර සිටීම සඳහා මාසිකව රුපියල් 50,000 බැගින් ඉල්ලා අවස්ථා ගණනාවකදී රුපියල් 47,000 මුදලක් ඉල්ලා ලබාගෙන ඇත.

නැවත ඉහත පරිදි කටයුතු කිරීම සඳහාත් සැකකරු වන ස්ථානාධිපතිවරයා විසින් අලුතෙන් ඉඳිකරන ලද තම නිවසේ වැඩ කටයුතු සඳහා වැලි කියුබ්  තුනක් හෝ එහි වටිනාකම වන රුපියල් 45,000 මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.සැකකරු දිගින් දිගටම මුදල් ඉල්ලීමත් වැලි ප්‍රවාහනයට ඉඩනොදෙන බවටත් තර්ජනය කිරීම නිසා මෙලෙස පැමිණිලි කර තිබේ.

එම මුදල රුපියල් 40,000 දක්වා අඩුකර ලබා ගැනීමට යාමේදී (29) වෙනිදා සවස 05.07 මාලිගාවිල මොනරාගල මාර්ගයේ වීරගස් හංදිය අසලදී ශාරීරික අභ්‍යාසයේ යෙදෙමින් පාගමනින් යන අතරතුරදී අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ බන්දුසේන තෙන්නකෝන් මහතා පෙනී සිටියේය. පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබූහ.

මොනරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post