රත්නපුර පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

රත්නපුර පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

Published on July 30, 2025, 06:50 PM

අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද (30දා) වැඩතහනම් කර ඇත.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතාය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල අපරාධකරුවෙක් අද උදෑසන 07.00ට මෙලෙස පලාගොස් තිබුණි. රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පලාගිය සැකකරුට එරෙහිව තිබු බවද පොලිසිය පැවසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්නපුර මුලස්ථාන පොලීසියේ රාත්‍රී කාර්යභාර නිලධාරීවරයාට සහ උප සේවක නිලධාරියාට සැකකරු බාරදී තිබුණ බවද පොලිසිය පැවසුවේය.

උදෑසන 06.00ට රාත්‍රී සේවයේ සිටි නිලධාරින් සේවා මුරය අවසන්ව පිටව ගිය පසු උදේ සේවා මුරය බාරගත් කාර්යභාර නිලධාරීවරයා සහ උප සේවක නිලධාරියා රාජකාරී කරන අවස්ථාවේ මුහුණ සේදිමට සහ වැසිකිලියාමට ගෙනගිය අවස්ථාවේ සැකකරු පලාගොස් තිබුණි.

සැකකරු කොළඹ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකල්ලි වල මනුෂ්‍ය ඝාතකයන්, අපරාධ සදහා රැගෙන ගිය යතුරුපැදිවල පැදිකරු බවට සැකකෙරේ. පොලිසිය සහ අධිකරණය මගහැර සිටි සැකකරු රත්නපුර ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත 29දා රත්නපුර අංගම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post