කන්තලේ සීනි කම්හලේ ඉඩම් කෙටි කාලීන බෝග වගාවට ලබාගෙන ඇත්තේ 1272යි

කන්තලේ සීනි කම්හලේ ඉඩම් කෙටි කාලීන බෝග වගාවට ලබාගෙන ඇත්තේ 1272යි

Published on July 30, 2025, 12:59 PM

රජය ගත් කැබිනට් තීන්දුවක් මත කන්තලේ සීනි කම්හල් භූමියේ කෙටි කාලීන බෝග වගාව සඳහා ගොවීන්ට ඉඩම් ලබාදීමේදී තෝරාගත් ගොවීන් 1314 දෙනාගෙන් ඉඩම් කට්ටි ලබාගෙන ඇත්තේ ගොවීන් 1272 ක් බව කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් එරන්දි කෞශල්‍යා කුරේ මහත්මිය පැවැසීය .

එසේ ඉඩම් කට්ටි ලබාගත් ගොවීන්ගෙන් රජයේ ගාස්තු ගෙවා වාර්ෂික අවසර පත්‍ර ලබාගෙන ඇත්තේ ගොවීන් 899 ක් බවද සහකාර ඉඩම් කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය .

වගා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම නිසා ගොවීන් 273 දෙනෙකු වාර්ෂික බලපත්‍ර ලබා ගැනීම සිදුකර නොමැති අතර සුදුසු ආයෝජකයෙකු හරහා යටිතල පහසුකම් ලබා දෙන්නේ නම් ඉතිරි ගොවීන්ද රජය ගාස්තු ගෙවා ඉඩම් වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමට පෙළඹෙනු ඇති බව සහකාර ඉඩම් කොමසාරිස්වරිය තවදුරටත් කීහ .

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්    ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී  ඉඩම් සහකාර ඉඩම් කොමසාරිස්වරිය මෙම කරුණු අනාවරණය කළාය.

ත්‍රිකුණාමලය චමෝද්‍යා

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post