දකුණේ බන්ධනාගාර ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

දකුණේ බන්ධනාගාර ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

Published on August 04, 2026, 12:01 PM

ගාල්ල, බූස්ස, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල බන්ධනාගාරවල වත්මන් ආරක්ෂක තත්ත්වය, මෙන්ම  රැඳවියන්ගේ ආරක්ෂාව, ආරක්ෂක විධිවිධාන තවදුරටත් ශක්තිමත් කිරීම සහ හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා සූදානම් කළ යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳ   විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි..

මීගමුව හා මහර බන්ධනාගාර ආශ්‍රිතව  මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ඒ හේතුවෙන් ඇති වූ ආරක්ෂක අවදානම් පිළිබඳ  දැඩි අවධානය යොමු කළ ආණ්ඩුකාරවරයා , දකුණු පළාත තුළ එවැනි කිසිදු තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග කඩිනමින් සමාලෝචනය කිරීමේ අරමුණින් දකුණු පළාත් ආරක්ෂක කමිටුව  හදිසි රැස්වීමක් ලෙස කැඳවීමට  පියවර ගෙන තිබුණි.

දකුණු පළාතේ ජනතාවගේ ආරක්ෂාව සහ සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යාම තම ප්‍රමුඛ වගකීමක් බව මෙහිදී ආණ්ඩුකාරවරයා  සඳහන් කළේය.

එමෙන්ම, දිවයිනේ බන්ධනාගාර කිහිපයක ඇති වූ සිදුවීම්වලට බලපා ඇති හේතු, ඒවායෙන් ලබාගත යුතු පාඩම් සහ දකුණු පළාත තුළ එවැනි තත්ත්වයක් කිසිසේත්ම ඇති නොවීමට අවශ්‍ය වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද විශේෂ අවධානය  මෙම රැස්වීමේදී යොමු  කරනු ලැබීය. සියලු ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරමින්, බුද්ධි තොරතුරු හුවමාරුව කාර්යක්ෂම කිරීම සහ ඕනෑම හදිසි තත්ත්වයකට කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි යාන්ත්‍රණයක් සෑම විටම සූදානම්ව පවත්වාගෙන යා යුතු බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා සඳහන් කළේ, දකුණු පළාතේ ජනතාවගේ ජීවිත, දේපළ සහ පොදු සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි. බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන ඕනෑම අවදානමක් පිළිබඳ කඩිනම් අවධානය යොමු කරමින්, අවශ්‍ය තීරණ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමටත්, සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව කටයුතු කළ යුතු බවටත් ආණ්ඩුකාරවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post