කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

Published on August 02, 2026, 03:51 PM

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.

ගතවූ පැය 24 තුල මාවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවල මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, එම ජලාශය පිටාර මට්ටමට ඒමට අඩි 31 අගල් 2ක් පවතින බවයි විදුලි බල මණ්ඩලයේ උසස් නිළධාරියෙකු කියා සිටියේ.

කාසල්ජි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 16 අගල් 2ක් පවතින බවත්, (02) දින උදෑසන 6:00 පමණ වනවිට එම ජලපෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 26ක වර්ශාපතනයක් ලැබී ඇති බවයි එම නිළදාරියා කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post