පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්

පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්

Published on July 29, 2026, 06:57 PM

බෙන්තොට සංචාරක පුරයේ අහසින්  සිරි නැරඹීම සඳහා යොදා ගැනෙන පැරා මෝටර් නැමති කුඩා යානයක් බෙන්තොට මුහුදට ඉහලින් පියාසර කරමින් සිටියදී අද 29 දා සවස බෙන්තොට වෙරළේ සිට මීටර් 600 ක් පමන ඈතින්  එහි ගමන් ගත් ලෙබනන් ජාතික 31 හැවිරිදි කාන්තාවක සමග මුහුදට කඩා වැටී ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.

අද(29) සවස 4 ට පමණ මේ අනතුර සිදුවී ඇති අතර යානය කඩා වැටෙනවාත් සමග එහි නියමුවා ලෙස කටයුතු කල විදේශිය ජාතිකයා වූ කොලොම්බියා ජාතික මනිල් ඊබ්රහිම් යානයෙන් මුහුදට පැන ගොඩට පිහිනා දිවි ගලවාගෙන ඇත.යානය කඩා වැටීමට හේතුව යානයේ කාර්මික දෝෂයක් බවට සැකකෙරේ.යානය කාන්තාවද සමග දියේ ගිලී තිබේ.

යානය හා කාන්තාව සෙවීමට නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම පැරා මෝටර් යානය අලුත්ගම පදේශයේ සංචාරක සේවා සපයන ආයතනයකට අයත් එකක් බව පොලීසිය පැවසීය. බෙන්තොට පොලිසිය පරික්ෂන පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post