
Published on July 27, 2026, 11:55 AM
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සැකකරුවන් අද (27දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.