හරක් කටාගෙන් අල්ලස් ගත්තැයි රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහ අත්අඩංගුවට

හරක් කටාගෙන් අල්ලස් ගත්තැයි රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහ අත්අඩංගුවට

Published on June 25, 2026, 11:04 AM

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හරක් කටා' නැමැත්තාගෙන් රු. කෝටි 12ක මුදලක්  අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතා සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ  රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත් මෙම අල්ලස් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post