විදුලි සැර වැදී පුද්ගලයකු මියයයි

විදුලි සැර වැදී පුද්ගලයකු මියයයි

Published on June 29, 2026, 03:42 PM

වර්ෂාවත් සමග ඇති වූ සුළං තත්වය හේතුවෙන් ඉමදුව  තාරමුල්ල ප්‍රදේශයේ දි  ඊයේ  (29)පෙරවරුවේදී  විදුලි රැහැන් මතට පුවක් ගසක් කඩා වැටී  විදුලිසැර වැදීමෙන්  පුද්ගලයකු මිය ගොස් ඇති බැව් ඉමදුව පොලිසියපවසයි.

විදුලි රැහැන් මතට පුවක් ගසක් කඩා වැටීමෙන්  විදුලි රැහැන් මාර්ගයට වැටී ඇති අතර එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයකු මෙසේ විදුලිසරැර වැදීමෙන් මිය ගොස්ඇත. මියගිය පුද්ගලයා මානසික ආබාධයක් සහිත පුද්ගලයකු වන අතර ඔහු කටු ඉඹුල්ගොඩගහ වත්ත, කෝදගොඩ, ඉමදුව ලිපිනයේ පදිංචි පනස් අට හැවිරිදි වියේ පසුවන අයෙකි.. ඉමදුව විදුලි උප කාර්යාලයේ නිළධාරින් පැමිණ විදුලිය විසන්ධි කිරීමට කටයුතු  කරනු ලැබීය. මෙම සිදුවීමෙන් වෙනත් හානි කිසිවක් වාර්තා වී නොමැති බවද පොලිසිය පවසයි.

ඉමදුව පොලිස් ස්ථානය මගින් ව්මර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එම ස්ථානයට හදිසි මරණ පරික්ෂක චන්ද්‍රලාල් අබේගුනවර්ධන මහතා පැමිණ  පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුසඳහා  මියගිය පුද්ගලයාගේේ සිරුර කරාපිටිය ජාතික රෝහලට රැගෙන යාමට කටයුතු කරන ලෙසට පොලිසියට නියෝග කොට ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post