උතුම් පොසොන් පොහොය අදයි

උතුම් පොසොන් පොහොය අදයි

Published on June 29, 2026, 08:19 AM

ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකවරයාත් බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදුවූයේද අද වැනි පොසොන් පොහොය දිනක බව සඳහන් වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post