දිත්වා අවතැන්වූවන් දෙන්න දුන් ආධාර උඩපළාත ප්‍රා ලේකම්වරිය ගබඩා කාමරවල ගොඩ ගහලා

දිත්වා අවතැන්වූවන් දෙන්න දුන් ආධාර උඩපළාත ප්‍රා ලේකම්වරිය ගබඩා කාමරවල ගොඩ ගහලා

Published on June 26, 2026, 11:43 AM

ගම්පොළ උඩ පළාතේ ප්‍රාදේශිය ලේකම්වරිය විසින් දින දෙකක් පුරා විවෘත කිරීමට නොදුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමර 03ක් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් බලෙන් කඩා විවෘත  කරයි.

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ ජනතාව වෙත බෙදාහැරීමට තිබු විදේශ රටවලින් ලද ආහාර, වියලි සලාක ඇතුලු භාණ්ඩ රැසක් ප්‍රාදේශිය ලේකම්වරිය විසින් අවතැන් වූවන්ට බෙදා නොහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා වල තබාගෙන සිටින බවට පීඩාවට පත් ජනතාව විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මත (24) දින මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සහ එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන නිළධාරින් පිරිසක් විසින් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි වැටලීමක් සිදු කර ඇත.

එහිදි, ප්‍රාදේශීය ලේකම්වරිය සහ එම ගබඩාව භාර නිළධාරින් විසින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට ගබඩාවන් තුල තිබෙන භාණ්ඩ ලැයිස්තුවක් හෝ අවතැන් වූවන්ට බෙදාහැර තිබූ දත්ත කිසිවක් ලබා දීමට අපොහොසත්වීම හමුවේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා එම ගබඩා කාමර මුද්‍රා තබා එහි යතුරු ඔහු භාරයට ගෙන ඒ පිලිබදව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ පිලිබදව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික තුඩවත්ත මහතා විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කිරිමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන නිළධාරින් විසින් (25) දින විමර්ෂණ කටයුත්තක් සදහා ගම්පොළ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ ප්‍රාදේශීය ලේකම්වරියගේ සහ එම ගබඩා භාර නිළධාරින්ගේ දැඩි විරෝධය හමුවේ ගබඩා කාමර 03 කඩා විවෘත කිරිමෙන් අනතුරුව එහි තුල වූ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ සොයා ගැනිමට හැකි විය.

මෙම විමර්ෂණයේදි සහල්, ටින්මාළු, පරිප්පු, ක්ෂණික නූඩ්ලස්, ඇදුම් පැළදුම් ඇතුලු සනීපාරක්ෂක භාණ්ඩ රැසක් තිබි හමුවූ අතර ඉන් ආහාර ද්‍රව්‍ය රැසක්ම කල් ඉකුත් වී ඇති බවට තහවුරු වී ඇත.

විමර්ෂන කටයුතු සදහා පැමිණි නිළධාරින් එම ගබඩාවේ තිබූ භාණ්ඩ ලැයිස්තුවක් ගෙන එම ගබඩා කාමර වසා දමා එහි යතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොලිස් නිළධාරින් වෙත භාර දෙනු ලැබූවා

අභ්‍යන්තර විගණන නිළධාරින් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමර විවෘත කරන අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරිය කුපිත වී අභ්‍යන්තර විගණන නිළධාරින්ට ගබඩා කාමරය විවෘත කිරිමට බාධා කෙරිණ.ගම්පොළ පොලිසියේ නිළධාරින්ගේද සහයෝගය ලබා ගෙන ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post