ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

Published on April 29, 2026, 03:00 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුලු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා අද (29) පිළිගත් බව නිවේදනයක් නිකුත් කරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post