සියඹලාන්ඩුව පොලීසිය ඉදිරිපිට උපවාසයක්

සියඹලාන්ඩුව පොලීසිය ඉදිරිපිට උපවාසයක්

Published on April 29, 2026, 01:45 PM

සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු තමන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට එරෙහිව අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලීසිය ඉදිරිපිටදී පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් (28) වෙනිදා සිට උපවාසයක නිරත විය.

මෙම උපවාසයට සියඹලාණ්ඩුව වීජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී පුඥානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ උඩගංගොඩ ධම්මානන්ද හිමියන්ද එක්ව සිටියහ.

උද්ඝෝෂණකරුවන් පවසා සිටියේ,තමන්ට අත්තනෝමතික ලෙස නඩු පවරමින් වැරදිකරුවන් කරමින් ඔවුන්ට ජීවිත වලට තර්ජනය කරමින් කටයුතු කරන බවත් එම නිසා ඔවුන්ගේ බිරිඳෑවරුන් සහ දරුවන්ද ඉතාමත් මානසික පීඩනයට ලක්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන්  ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසත් පොලීසිය මඟින් ඔවුන්ට සිදුවූ අපහසුතාවයට ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ඔවුන් මෙලෙස මාරාන්තික උපවාසයේ නියලෙන බවයි.

මේ පිළිබඳව සියඹලාණ්ඩුව පොලීසියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය, "උපවාසයට එක්ව සිටින පිරිස මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම,අලෙවි කිරීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පිරිසක්.ඇතැම් පිරිස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම්ද නියම කර ඇති පුද්ගලයින්. ඔවුන්ට හැකිතාක් කල් උපවාස කිරීමට ඇති අයිතියට අපි ගරු කරනවා. උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත අපි අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නවා."

මොණරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post