දික්ඔය බස් අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනයයි

දික්ඔය බස් අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනයයි

Published on April 30, 2026, 06:29 PM

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලු 34 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත (29) දින ඇතුලත් කර ඇති බවත්, ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි එස්.සිවබාලන් නැමති 70 හැවිරිදි අයෙකි. අනතුරින් පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, තුවාලකරුවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය කියා සිටියේ.

පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්‍රදේශයෙදිය.අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ බස් රථය තවත් බස් රථයකට ඉඩ දීමට යැමෙදි එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් තුවාල ලැබූ 34 දෙනෙකු පමණ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, තුවාලකරුවන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල බවත්, එම තුවාලකරුවන් මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති බවයි අනතුර පිලබද පරික්ෂන පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

බස් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට අනතුර සම්බන්ධයෙන් සිදු කල මූලික විමර්ෂන වලදී හෙළි වී ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post