
Published on March 27, 2026, 11:26 AM
පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කරන හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් ඊයේ (26දා) උදෑසන කාලයේ අපවත් වී ඇති බවට පානම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අපවත්වූ හිමිනම වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික හිමිනමකි. පානම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.