තෙල් ගැටලුවේ බලපෑම මුලින්ම ආසියාවටයි

තෙල් ගැටලුවේ බලපෑම මුලින්ම ආසියාවටයි

Published on March 30, 2026, 02:35 PM

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයත් සමග ඉරානය විසින්  හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ‌ඛණිජ තෙල් සම්බන්ධයෙන් ලොව පුරා ගැටලුකාරි තත්ත්වයක් ආරම්භ වී තිබේ. මැදපෙරදිග තෙල් ලෝකයේ සෙසු ප්‍රදේශවලට ගලා යාම සහතික කිරීමට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරිම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.

හෝමූස් හරහා නැව් ගමනා ගමනය සීමිත වීමත් සමග රටවල පවතින තෙල් සංචිත ක්‍රමයෙන් අඩුවිමට පටන්ගෙන ඇති අතරඒහිදි පළමුවෙන්ම ගැටලුවට පත්වන මහාද්වීපය ආසියාව බවට පත්ව තිබේ.

සාමාන්‍යයෙන්, පර්සියානු ගල්ෆ් කලාපයෙන් තෙල් නැව්ගත කිරීම් දින 10 සිට 20 දක්වා කාලය තුළ ආසියාවට ළඟා වන අතර, දින 20 සිට 35 දක්වා කාලය තුළ යුරෝපයට සහ අප්‍රිකාවට ළඟා වන අතර, පසුව අවසානයේ දින 35 සිට 45 දක්වා කාලය තුළඑක්සත් ජනපදයට ළඟා වේ.

තෙල් ගැටලුවෙන් මුලින්ම දැඩි පීඩාවට පත්වෙනු ඇත්තේ අග්නිදිග ආසියානු රටවල් බව වාර්තා වන අතර තෙල් පාරිභෝජනය සිමා කිරීමට මේ වන විට රටවල් බොහෝමයක් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

අප්‍රිකාව තුළ අප්‍රේල් මස ආරම්භයේ සිට ඉන්ධන සම්බන්ධයෙන් ගැටලු ආරම්භ වෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය කියයි.  කෙන්යාව මේ වන විටත් බලශක්තිය සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දෙන අතර ටැන්සානියාව තවමත් ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යන බැවින් ආතතියේ මුල් සලකුණු මතුවෙමින් තිබේ.

ශක්තිමත් තොග බෆරයක් සහ විකල්ප අත්ලාන්තික් ද්‍රෝණියේ සැපයුමක වාසිය තිබුණද, අප්‍රේල් මැද භාගය වන විටයුරෝපයට මෙහි  බලපෑම දැනෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය කියයි.

මෙහි බලපෑම අවසන් අවස්ථාවේදී දැනෙනු ඇත්තේ  ඇමරිකාවට බවත් ඔවුන්ට සැලකිය යුතු දේශීය නිෂ්පාදනයක් තිබීම ඊට හේතුවෙ වෙයි. කෙසේ වෙතත් ඇමෙරිකාව තුළද සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි වාර්තා පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post