බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි

බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි

Published on March 27, 2026, 08:01 AM

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බ්‍රහස්පතින්දා නැව් හයක් යාත්‍රා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් නැව් දෙකක් තවත් භාණ්ඩ ප්‍රවාහන නැව් හතරක් මෙසේ යාත්‍රා කර තිබේ.

ඉරානය මීට පෙර චීනය, රුසියාව, ඉන්දියාව, ඉරාකය සහ පකිස්ථානය යන මිත්‍රශීලී රටවල්වලට හෝමුස් හරහා ආරක්ෂිතව ගමන් කළ හැකි බවට නිවේදනය කළේය.කෙසේ වෙතත් මෙම නැව් හය එම රටවල්වලට අදාළ නොවන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සියලුම යාත්‍රා ඉරානයේ කෙෂ්ම් දූපතට ආසන්නව යාත්‍රා කරමින් සමුද්‍ර සන්ධිය හරහා දිගු මාර්ගයක් අනුගමනය කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post