රු. 50000 අල්ලසක් ගත් මොනරාගල ප්‍රා.ස. ආදායම් පරිපාලක අල්ලයි

රු. 50000 අල්ලසක් ගත් මොනරාගල ප්‍රා.ස. ආදායම් පරිපාලක අල්ලයි

Published on March 30, 2026, 08:23 AM

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලක වරයා (RO) රුපියල් පනස් දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ (29) වෙනිදා උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මොනරාගල නගරයේ පොදු වැසිකිළිය ටෙන්ඩර් මඟින් ලබා ගෙන ඇති අයෙකු ගලි බවුසරය සඳහා ගෙවිය යුතු මුදල ප්‍රමාද කොට ගෙවීම සඳහා රුපියල් පනස් දහසක් ඉල්ලා එම මුදල මොනරාගල බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය අසලදී කොන්ත්‍රාත් කරුගෙන් ලබා ගෙන ඇත.ඒ සඳහා කිසිදු රිසිට් පතක ලබාදී නොමැත.

ඉරිදා දිනයේ සභාව වසා ඇති බැවින් සභාවට් මුදල් ලබා ගැනීම සිදු නොකෙරේ.එම නිසා ආදායම් පරිපාලක වරයා එදින මෙසේ මුදල් ඉල්ලා ඇත.

එසේ මුදල් ලබා ගැනීමේදී ඔහු ලඟ සභාවට මුදල් අය කරන කුවිතාන්සි පොතක්ද තිබී නැත.සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටින මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලක වරයා ලෙස සේවය කරන 40 හැවිරිදි අයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම මොනරාගල මූලස්ථාන පොලීසියට භාරදී තිබේ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උ.පො.ප අශාන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

මොනරාගල සුමනසිරි ගුණතිලක

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post